Friday, April 26, 2024

General line - 0115112241

අධිවේගී මාර්ග නතරවී ඇත්තේ නැකැත් නැතුව




අධිවේගී මාර්ග 3ක ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා සුබ නැකත් නොතිබීම හේතුවෙන් එම ව්‍යාපෘති ආරම්භ කිරීම ලබන වසර දක්වා ප‍්‍රමාද කිරීමට සිදුව ඇති බව මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ උඩුනුවර ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

“මගේ අමාත්‍යංශයෙන් ලබන අවුරුද්දේ අධිවේගී මාර්ග 3ක් ආරම්භ කරනවා. මහනුවර – කොළඹ අධිවේගී මාර්ගය අපි දැන් ඒ අධිවේගී මාර්ග සමාගම් 3කට දීලා තියෙනවා. අපි ජනවාරි මාසේ මුල් සතියෙ නැත්තන් දෙවැනි සතියේ උත්සවයක් පවත්වලා ගලගෙදරින් මේ අධිවේගී මාර්ගය ආරම්භ කරනවා. අවුරුද්දෙ අවසානයේ නැකැත් නැහැ. නැත්නම් අපි දෙසැම්බර් මාසේම මේක පටන්ගන්නවා. නැකැත් නැති නිසා අපි ජනවාරි මාසේ මුල් සතියට නැත්නම් දෙවැනි සතියට කල් දැම්මා. ඒ පළවෙනි අධිවේගී මාර්ගය ඒ වගේම කොළඹ, රත්නපුර , පැල්මඩුල්ල අධිවේගී මාර්ගය. ඒකටත් ජනාධිපතිතුමත් අගමැතිතුමත් ආයෝජකයින් හොයාගෙන තිබෙනවා. ඒ පාරේ වැඩත් අපි ලබන අවුරුද්දෙ මුල් භාගේ පටන් ගන්නවා.

ඒ වගේම කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්ගය. අපි කුරුණෑගලට අධිවේගී මාර්ගයක් හදනවා. කුරුණෑගල ඉඳලා දඹුල්ලට. සමහරු කියනවා කරන කිසිම දෙයක් පේන්නේ නැහැ කියලා. බලන්න අකමැති අයට ඒවා පේන්නේ නැහැ. නමුත් මම කියනවා අපේ සංවර්ධනය පටන් ගත්තට පස්සේ පැය 24ම ඇස් ඇරන් ඉන්න වෙයි”.

14368802_1086838018069155_8370131732739563890_n 14440788_1086837348069222_6318770930317719029_n 14463088_1086837501402540_7873073305589918191_n 14517646_1086837684735855_7404669964383060774_n